For the first time in Sri Lanka, an online student parliament session

කෑගලු විද්‍යාලයීය විදුහල්පතිතුමන් වන ගරු H.M.G.හේරත් මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට online ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසි වාරයක් 2020/10/22 වන දින කෑගලු විද්‍යලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලි⁣මේන්තුවේ සහකාර මහලේකම් ගරු ටිකිරි කේ.ජයතිලක මැතිතුමන්,සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් සහ සබරගමු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ S.P.ජේසුපිල්ලෙයි මැතිතුමන් මෙම සුවිශේෂී කර්තව්‍ය ඉහලින් අගය කරමින් වටිනා අදහස් දැක්වීමක් සිදු කරන ලදී.කෑගලු විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු භාර ආචාරිනිී කුමුදුනි රණවීර මහත්මිය විසින් මෙම සියලු කටයුතු සංවිධානය කරන ලදී.එමෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පය කෑගලු විද්‍යාලය තුල මුල් වරට ආරම්භ කරන ලද්දේ ද 2009 වර්ෂයේදී විදුහල්පතිධුරය හොබවන ලද කෑගලු විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමන් වන ගරු H.M.G.හේරත් මහතා විසින් වන අතර 2009 වර්ෂයේ සිට මේ දක්වා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතාමත් සාර්ථකව කෑගලු විද්‍යාලය තුල ක්‍රියාත්මක වේ.

For the first time in Sri Lanka, an online student parliament session
Scroll to top
%d bloggers like this: