ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්ගගත ක්‍රමය හරහා පවත්වන්නට යෙදුණු කෑගලු විද්‍යාලයීය දහ තුන් වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී කෘෂිකර්ම හා පරිසර අලංකරණ ගරු අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවකට අනුව නූතන කෘෂිකාර්මික රටාව සාකච්ඡාවට බදුන් කිරීමේ අරමුණින් කෑගලු විද්‍යාලයේ කථන හා විවාද සංසදය විසින් කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මාර්ගගත ක්‍රමය හරහා පැවැත්වූ ‘සංකථන’ විවාදය 2021 වර්ෂයේ ජනවාරි මස 08 වන දින ඉතා සාර්ථක අයුරින් සිදු විය.
එහිදී ප්‍රථමයෙන්ම කෑගලු විද්‍යාලයීය විදුහල්පති එච්. එම්. ජී. හේරත් මැතිතුමා විසින් පිලිගැනීමේ සහ අරමුණු පැහැදිලි කිරීමේ කතාව සිදු කල අතර පසුව zoom තාක්ෂණය හරහා යෝජක – ප්‍රතියෝජක මාතෘකා ලබා දීම සිදු කෙරිණි.
කෑගල්ල අධ්‍යාපන කලාපයේ ගරු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පරිපාලන ඩබ්. පී. ජී. කරුණාරුවන් මැතිතුමා සහ කෑගල්ල අධ්‍යාපන කලාපයේ සිංහල ගුරු උපදේශක එස්. ඒ. ආර්. පී. රත්නායක මැතිතුමා විසින් විවාදයේ විනිශ්චය ඉදිරිපත් කරන ලදි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමයේ විධායක සභාපති එම්. එම්. එම්.රුෂානූඩීන් මැතිතුමන්, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන්, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක රොෂාන් හේමන්ත මැතිතුමන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂක කිත්සිරි ලියනගම මැතිතුමන්, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පු ආරච්චි මැතිතුමන්, සබරගමු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. පී. ජේසුපිල්ලෙයි මැතිතුමන් විවාදයට සුබ පැතුම් එක් කරන ලදි.
පසුව කෑගලු විද්‍යාලයීය කථන හා විවාද සංසදය භාර ආචාරිනි කුමුදිනී රණවීර ගුරු මෑණියන් විසින් අපගේ මෙම සුවිශේෂී කර්තව්‍යය සාර්ථක කර ගැනිමට සහය දැක්වූ සියළු දෙනාට කෑගලු විද්‍යාලයීය කෘතවේදීත්වය පළ කරමින් ස්තූති කතාව සිදු කරන ලදි. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මාර්ගගත ක්‍රමය හරහා පැවැත්වූ ‘සංකථන’ විවාදය අති සාර්ථක අයුරින් නිමාවට පත් විය.