College Song


විදුහල්
 ගීතය

විජයතු කෑගලූ විදුහල් මාතා
යහගුණ දස දෙස පතුරා . . . //
විහිදා විදු රැස පහදා නැණ ඇස
සිසුගත හොබවන නිති පෙමිනි
නංවා තුති ගොස පෙන්වා කිත්රැස
දන මන පුබුදන අති රමණී …

විජයතු කෑගලූ විදුහල් මාතා
යහගුණ දස දෙස පතුරා
හිරු සඳු සලකුණු රැඳි දද ඉසුලූ
සිව් කෝරළ පෙදෙසෙහි වැසි මහරූ . . . //
මී මුතු පරපුර සේ එඩි පෙන්වා
සුරකිමු විදුහල් මව හද බැතිනී

විජයතු කෑගලූ විදුහල් මාතා
යහගුණ දස දෙස පතුරා
වැපුරූ පමණට අස්වනු ලබනේ
ඒ විලසයි වෙහෙසී සිප් වඩනේ . . . //
රට දැය නගනා ලෙස නැණ දල්වා
සුරකිමු විදුහල් මව හද බැතිනී
විජයතු කෑගලූ විදුහල් මාතා
යහ ගුණ දස දෙස පතුරා . . . //

පබැදුම  : බී. ටී. මෙන්ඩිස් මහතා
තනුව    : වෝල්ටර් හිග්ගොඩ මහතා

Scroll to top